La PAZ no puede venir a través de la MENTE porque no es de la Mente. La PAZ es él perfume delicioso del CORAZÓN TRANQUILO.
මනස හරහා සාමය පැමිණිය නොහැක, මන්ද එය මනසින් හටගන්නා දෙයක් නොවන බැවිනි. සාමය යනු නිහඬ හදවතේ මිහිරි සුවඳයි.
La PAZ no puede venir a través de la MENTE porque no es de la Mente. La PAZ es él perfume delicioso del CORAZÓN TRANQUILO.
මනස හරහා සාමය පැමිණිය නොහැක, මන්ද එය මනසින් හටගන්නා දෙයක් නොවන බැවිනි. සාමය යනු නිහඬ හදවතේ මිහිරි සුවඳයි.
La PAZ no es cosa de proyectos, policía internacional, ONU. OEA, tratados internacionales o ejércitos invasores que peleen en nombre de la, PAZ.
සාමය යනු ව්‍යාපෘති, ජාත්‍යන්තර පොලිසිය, එක්සත් ජාතීන්, OAS, ජාත්‍යන්තර ගිවිසුම් හෝ සාමයේ නාමයෙන් සටන් වදින ආක්‍රමණික හමුදා ගැන ප්‍රශ්නයක් නොවේ.
Si realmente queremos PAZ verdadera debemos aprender a vivir como el vigía en época de guerra, siempre alertas y vigilantes, con Mente pronta y dúctil, porque la PAZ no es cuestión de FANTASÍAS románticas o cuestión de ensueños bonitos.
අපට සැබවින්ම අව්‍යාජ සාමය අවශ්‍ය නම්, යුධ සමයේ මුරකරුවෙකු සේ, කඩිසර සහ නම්‍යශීලී මනසක් සමඟ නිරන්තරයෙන් අවධානයෙන් සහ සෝදිසියෙන් ජීවත් වීමට අප ඉගෙන ගත යුතුය, මන්ද සාමය යනු ආදර කල්පනාවන් හෝ ලස්සන සිහිනයන් පිළිබඳ ප්‍රශ්නයක් නොවන බැවිනි.
Si no aprendemos a vivir en el estado de alerta de momento en momento, entonces el camino que conduce hacia la PAZ se torna imposible, estrecho y después de ponerse extremadamente difícil, va a desembocar por último en un callejón sin salida.
අප මොහොතින් මොහොත අවධානයෙන් යුතුව ජීවත් වීමට ඉගෙන නොගන්නේ නම්, සාමය කරා යන මාර්ගය කළ නොහැකි, පටු මාර්ගයක් බවට පත්වන අතර, ඉතා දුෂ්කර වීමෙන් පසු අවසානයේ එය අවසන් වන්නේ අවහිර වූ මාවතකිනි.
Es necesario comprender, es urgente saber que la PAZ auténtica del CORAZÓN TRANQUILO no es una casa a donde podamos llegar y donde nos aguarde alegremente una doncella hermosa. La PAZ no es una meta, un lugar, etc. Perseguir la PAZ, buscarla, hacer proyectos sobre ella, pelear en nombre de ella, hacer propaganda sobre ella, fundar organismos para trabajar por ella, etc., es totalmente absurdo porque la PAZ no es de la Mente, la PAZ es el perfume maravilloso del corazón tranquilo.
මෙය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වන අතර, නිහඬ හදවතේ සැබෑ සාමය යනු අපට ලඟා විය හැකි සහ ලස්සන කන්‍යාවක් ප්‍රීතියෙන් අප එනතුරු බලා සිටින නිවසක් නොවන බව දැන ගැනීම හදිසි කාරණයකි. සාමය යනු ඉලක්කයක්, ස්ථානයක් යනාදියක් නොවේ. සාමය ලුහුබැඳීම, එය සෙවීම, ඒ පිලිබඳ ව්‍යාපෘති සෑදීම, එහි නාමයෙන් සටන් කිරීම, ඒ ගැන ප්‍රචාරය කිරීම, ඒ වෙනුවෙන් වැඩ කිරීමට සංවිධාන පිහිටුවීම යනාදිය සම්පූර්ණයෙන්ම අඥාන ක්‍රියාවකි. මන්ද සාමය යනු මනසින් හටගන්නා දෙයක් නොවන බැවිනි, සාමය යනු නිහඬ හදවෙතේ අපූරු සුවඳයි.
La PAZ no se compra ni se vende ni se puede lograr con el sistema de APACIGUAMIENTOS, controles especiales, policía, etc..
සාමය මිලදී ගැනීමට හෝ විකිණීමට නොහැකි අතර, සමනය කිරීම, විශේෂ පාලන ක්‍රම, පොලිසිය යනාදිය මඟින් එය සාක්ෂාත් කරගත නොහැකිය.
En algunos países el ejército nacional anda por los campos destruyendo pueblos, asesinando gentes y fusilando a supuestos bandidos, todo esto dizque en nombre de la PAZ. El resultado de semejante proceder es la multiplicación de la BARBARIE.
ඇතැම් රටවල්වල ජාතික හමුදාව ගම්මාන පුරා සැරිසරමින් ගම්මාන විනාශ කරමින්, මිනිසුන් ඝාතනය කරමින් සහ මංකොල්ලකරුවන් යැයි කියනු ලබන අයට වෙඩි තබති. මේ සියල්ල සිදුකරනු ලබන්නේ සාමයේ නාමයෙනි. එවැනි හැසිරීම් වල ප්‍රතිඵලය වන්නේ බර්බරත්වය ගුණනය වීමයි.
La violencia origina más violencia, el odio produce más odio. La PAZ no se puede conquistar, la PAZ no puede ser el resultado de la violencia. La PAZ sólo adviene a nosotros cuando disolvemos el YO, cuando destruimos dentro de nosotros mismos todos los factores PSICOLÓGICOS que producen guerras.
ප්‍රචණ්ඩත්වය වැඩි වැඩියෙන් ප්‍රචණ්ඩත්වය ඇති කරයි, වෛරය වැඩි වැඩියෙන් වෛරය ඇති කරයි. සාමය ජයගත නොහැක, සාමය යනු ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලයක් විය නොහැක. සාමය අප වෙත පැමිණෙන්නේ අප "මම" (අහංකාරය/Ego) දිය කර හරින විටදී පමණි, එනම් යුද්ධ ඇති කරන සියලුම මනෝවිද්‍යාත්මක සාධක අප තුළින්ම අප විනාශ කර දැමූ විටදී පමණි.
Si queremos PAZ tenemos que contemplar, tenemos que estudiar, tenemos que ver, el cuadro total y no únicamente un rincón del mismo.
අපට සාමය අවශ්‍ය නම්, අප මෙනෙහි කළ යුතුය, අප අධ්‍යයනය කළ යුතුය, අප සම්පූර්ණ චිත්‍රයම දැකගත යුතු අතර එහි එක් මුල්ලක් පමණක් නොවේ.
La PAZ nace en nosotros cuando hemos cambiado radicalmente en forma íntima.
අප අභ්‍යන්තරිකව මුලික වශයෙන්ම වෙනස් වී ඇති විට සාමය අප තුළ උපත ලබයි.
La cuestión de controles, organismos PRO PAZ, apaciguamientos, etc., son detalles aislados, puntos, en el océano de la vida, fracciones aisladas del cuadro total de la EXISTENCIA, que jamás pueden resolver el problema de la PAZ en su forma radical, total y definitiva.
පාලන ක්‍රම පිලිබඳ කාරණාව, සාමය-ගැති සංවිධාන, සමනය කිරීම් යනාදිය ජීවිත සාගරයේ හුදකලා වූ තොරතුරු සහ ලක්ෂ්‍යයන් වන අතර, පැවැත්මේ සම්පූර්ණ චිත්‍රයේ හුදකලා වූ කොටස් පමණි. ඒවා කිසිවිටෙකත් සාමයේ ගැටලුව එහි මූලික, සමස්ත සහ නිරපේක්ෂ ස්වරූපයෙන් විසඳිය නොහැක.
Debernos mirar el cuadro en su forma completa, el problema del mundo es el problema del individuo; si el INDIVIDUO no tiene PAZ en su interior, la sociedad, el mundo vivirá en guerra inevitablemente.
අප චිත්‍රය එහි සම්පූර්ණ ස්වරූපයෙන්ම දැකිය යුතුය. ලෝකයේ ගැටලුව යනු පුද්ගලයාගේ ගැටලුවයි; 'පුද්ගලයා' තුල තම අභ්‍යන්තරයේ සාමය නොමැති නම්, සමාජය ද, ලෝකය ද අනිවාර්යයෙන්ම යුද්ධයක ජීවත් වනු ඇත.
Lo» maestros y maestras de escuelas, colegios, universidades deben trabajar por la PAZ, a menos que amen la BARBARIE y la VIOLENCIA.
බර්බරත්වයට සහ ප්‍රචණ්ඩත්වයට ප්‍රිය කරන්නේ නැතිනම් පාසල්, විද්‍යාල සහ විශ්වවිද්‍යාල ගුරුවරුන් සාමය වෙනුවෙන් වැඩ කළ යුතුය.
Es urgente, es indispensable señalarles a los alumnos y alumnas de la nueva generación el derrotero a seguir, el camino íntimo que puede conducirnos con entera exactitud a la PAZ auténtica del corazón tranquilo.
නිහඬ හදවතේ අව්‍යාජ සාමය කරා පරිපූර්ණ නිරවද්‍යතාවයකින් අපව ගෙන යා හැකි අභ්‍යන්තර මාර්ගය වන පිළිපැදිය යුතු මාවත නව පරම්පරාවේ සිසු සිසුවියන්ට පෙන්වා දීම හදිසි සහ අත්‍යාවශ්‍ය දෙයකි.
Las gentes no saben comprender realmente lo que es la verdadera PAZ interior y sólo quieren que nadie se les atraviese en su camino, que no se les estorbe, que no se les moleste, aún cuando ellos se tomen por su propia cuenta y riesgo el derecho de estorbar y de molestar y de amargar la vida a sus semejantes..
සැබෑ අභ්‍යන්තර සාමය යනු කුමක්දැයි තේරුම් ගන්නේ කෙසේදැයි මිනිසුන් ඇත්තටම නොදන්නා අතර, කිසිවෙකුත් තමන්ගේ මාර්ගයට නොපැමිණීම, ඔවුන්ට කරදර නොකිරීම, ඔවුන්ට බාධා නොකිරීම පමණක් ඔවුහු අපේක්ෂා කරති, එසේ කරන්නේද සිය සහෝදර මිනිසුන්ට බාධා කිරීමට, කරදර කිරීමට සහ ඔවුන්ගේ ජීවිතය තිත්ත කිරීමට තමන්ට ඇති අයිතිය සිය අවදානම මතම ලබාගැනීමට ය.
Las gentes jamás han experimentado la PAZ verdadera y sólo tienen sobre ésta opiniones absurdas, ideales románticos, conceptos equivocados.
මිනිසුන් කිසිදාක සැබෑ සාමය අත්දැක නොමැති අතර, ඒ පිළිබඳව ඔවුනට ඇත්තේ විකාර අදහස්, ආදර පරමාදර්ශී අරමුණු සහ වැරදි සංකල්ප පමණි.
Para los ladrones la PAZ sería la dicha de poder robar impunemente sin que la policía se les atravesara en su camino. Para los contrabandistas la PAZ sería poder meter su contrabando en todas partes sin que las autoridades se lo impidiesen. Para los hambreadores del pueblo la PAZ seria vender bien caro, explotando a diestra y siniestra sin que los inspectores oficiales del gobierno se lo prohibieran. Para las prostitutas la PAZ, sería gozar en sus lechos de placer y explotar a todos los hombres libremente sin que las autoridades de salubridad o de policía interviniesen para nada en su vida.
සොරුන් සම්බන්ධයෙන් ගත් කල, සාමය යනු පොලිසියෙන් මාර්ගයට බාධා නොකර, දඬුවම් නොලබා සොරකම් කිරීමට හැකිවීමේ සතුටයි. ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් ගත් කල, සාමය යනු බලධාරීන්ගෙන් බාධාවකින් තොරව ඔවුන්ගේ ජාවාරම් සෑම තැනකටම ගෙන යාමට හැකිවීමයි. ජනතාව සාගින්නේ තබන්නන් සම්බන්ධයෙන් ගත් කල, සාමය යනු රජයේ නිල පරීක්ෂකවරුන් විසින් තහනම් කිරීමකින් තොරව අධික මිලකට විකුණා, සෑම අතින්ම ජනතාව ගසා කෑමයි. ගණිකාවන් සම්බන්ධයෙන් ගත් කල, සාමය යනු කිසිඳු සෞඛ්‍යමය හෝ පොලිස් බලධාරී මැදිහත්වීමකින් තොරව තම සතුටේ යහන රිසි සේ භුක්ති විඳීම සහ සියලු පිරිමින් නිදහසේ ගසා කෑමයි.
Cada cual se forma en la mente cincuenta mil fantasías absurdas sobre la PAZ. Cada cual pretende levantar a su alrededor un muro egoísta de ideas falsas, creencias, opiniones y absurdos conceptos sobre lo que es la PAZ.
සෑම කෙනෙකුම තම මනස තුළ සාමය පිළිබඳ විකාර සහගත මනස්කල්පිත පනස් දහසක් නිර්මාණය කර ගනී. සෑම කෙනෙකුම තම වටා සාමය යනු කුමක්ද යන්න පිළිබඳව වූ වැරදි අදහස්, විශ්වාසයන්, මතයන් සහ විකාර සංකල්පවලින් සැදුම් ලත් ආත්මාර්ථකාමී බිත්තියක් ගොඩ නැගීමට අදහස් කරයි.
Cada cual quiere PAZ a su modo, de acuerdo a sus antojos, a sus gustos, a sus hábitos, costumbres equivocadas, etc. Cada cual quiere auto encerrarse dentro de un muro protector, fantástico, con el propósito de vivir su propia PAZ, equivocadamente concebida.
සෑම කෙනෙකුටම තමන්ගේම ආකාරයෙන්, තමන්ගේම කැමත්තන්ට අනුව, තම තමන්ගේ රුචිකත්වයන්ට අනුව, තමන්ගේ හුරුපුරුදුකම් වලට, වැරදි චාරිත්‍ර වාරිත්‍ර අනුව යනාදී වශයෙන් සාමය අවශ්‍ය වේ. වැරදි ලෙස අවබෝධ කරගත් තමන්ගේම සාමයේ ජීවත් වීමේ අරමුණ ඇතිව සෑම කෙනෙකුටම ආරක්ෂාකාරී, අපූරු තාප්පයක් තුළ කොටු වීමට අවශ්‍ය වී ඇත.
La gente lucha por la PAZ,, la desea, la quiere, pero no sabe qué cosa es la PAZ.
මිනිසුන් සාමය වෙනුවෙන් සටන් කරයි, ඒ සඳහා ආශා කරයි, එයට අවශ්‍ය කරයි, නමුත් සාමය යනු කුමක්දැයි ඔවුන් නොදනිති.
Las gentes sólo quieren que no se les estorbe, poder hacer cada cual sus diabluras muy tranquilamente y a sus anchas. Eso es lo que llaman PAZ.
මිනිසුන්ට සරලවම අවශ්‍ය වන්නේ ඔවුන්ට කරදර නොකිරීමට සහ සෑම කෙනෙකුටම තමතමන්ගේ දඟකාරකම් ඉතා නිස්කලංකව සහ පහසුවෙන් සිදු කිරීමට හැකිවීමයි. ඔවුන් සාමය ලෙස හඳුන්වන්නේ එයටයි.
No importa qué diabluras hagan las gentes, cada cual cree que lo que hace es bueno. Las gentes encuentran justificación hasta para los peores delitos. Si el borracho está triste bebe porque está triste. Si el borracho está alegre bebe porque está alegre. El borracho siempre justifica el vicio del alcohol. Así son todas las gentes, para todo delito encuentran justificación, nadie se considera perverso, todos presumen de justos y honrados.
මිනිසුන් කුමන ආකාරයේ දඟකාරකම් කළත්, තමන් කරන දෙය යහපත් බව සෑම කෙනෙකුම විශ්වාස කරති. මිනිසුන් වඩාත් නරක අපරාධයක් සඳහා වුවද අකටයුත්තක් සොයා ගනී. බේබද්දෙක් දුකෙන් සිටී නම්, ඔහු දුකෙන් සිටින නිසා ඔහු බොයි. බේබද්දෙක් සතුටින් සිටී නම්, ඔහු සතුටින් සිටින නිසා ඔහු බොයි. බේබද්දෙක් සෑම විටම මත්පැන් පානය නමැති දුරාචාරය සාධාරණීකරණය කරයි. සියලු මිනිසුන් මෙවැනි ය, සෑම අපරාධයක් සඳහාම ඔවුහු සාධාරණීකරණයක් සොයා ගනී, කිසිවෙක් තමන් විකෘති වූ අයෙකු ලෙස නොසලකයි, සෑම කෙනෙකුම තමන් සාධාරණ සහ ගෞරවනීය බව උපකල්පනය කරති.
Existen muchos vagabundos que suponen equivocadamente que PAZ es poder vivir sin trabajar, muy tranquilamente y sin esfuerzo alguno en un mundo lleno de fantasías románticas maravillosas.
විශ්මයජනක ආදර ස්වප්නයන්ගෙන් පිරි ලෝකයක කිසිඳු වෙහෙසක් නොමැතිව කිසිම දෙයකින් වැඩ නොකර ඉතා නිහඬව ජීවත් වීමට හැකි වීම සාමය යැයි වැරදි ලෙස උපකල්පනය කරන රස්තියාදුකාරයන් බොහෝමයකි.
Sobre la PAZ existen millones de opiniones y conceptos equivocados. En este mundo doloroso en que vivimos: cada cual busca su fantástica PAZ, la paz de sus opiniones. Las gentes quieren ver en el mundo la paz de sus sueños, su tipo especial de paz, aunque dentro de sí mismas cada cual lleve en su interior los factores psicológicos que producen guerras, enemistades, problemas de todo tipo.
සාමය සම්බන්ධයෙන්, මිලියන ගණනක් වූ මතයන් සහ වැරදි සංකල්ප ඇත. අප ජීවත් වන මෙම වේදනාකාරී ලෝකය තුළ: සෑම කෙනෙකුම තමන්ගේම වූ මනස්කල්පිත සාමය, එනම් ඔවුන්ගේ අදහස්වල සාමය සොයමින් සිටී. යුද්ධ, සතුරුකම් සහ සියලු ආකාරයේ ගැටළු ඇති කරන මනෝවිද්‍යාත්මක සාධක සෑම කෙනෙකුම තම අභ්‍යන්තරයේ දරාගෙන සිටියද, ලෝකය තුළ මිනිසුන්ට තම සිහින වල සාමය දැකීමට, තමනටම අදාල වූ විශේෂ සාමය දැකීමට අවශ්‍ය වී ඇත.
Por estos tiempos de crisis mundial todo el que quiere hacerse famoso funda organizaciones PRO-PAZ, hace propaganda e interpreta se convierte en paladín de la PAZ. No debemos olvidar que muchos políticos zorros se han ganado el premio NOBEL de la PAZ aún cuando tengan por su cuenta todo un cementerio y que en una u otra forma hayan mandado a asesinar secretamente a muchas personas, cuando se han visto en peligro de ser eclipsados.
ගෝලීය අර්බුද පවතින මෙවැනි කාලවලදී, ප්‍රසිද්ධ වීමට කැමති ඕනෑම අයෙක් සාමය-ගැති සංවිධාන පිහිටුවයි, ප්‍රචාරක කටයුතු සිදු කරයි, නියෝජනය කරමින් සාමයේ ආරක්ෂකයෙකු බවට පත්වෙයි. කපටි දේශපාලනඥයින් බොහෝ දෙනෙකු තම ගිණුමේ සම්පූර්ණ සුසාන භූමියක්ම තබාගෙන "නොබෙල් සාම ත්‍යාගය" දිනාගෙන ඇති බවත්, තමන්ව අභිබවා යාමේ අවදානම යම් එක්තරා ආකාරයකින් හෝ දුටු විට ඔවුන් රහසිගතව බොහෝ මිනිසුන් ඝාතනය කිරීමට අණකල බවත් අප අමතක නොකළ යුතුය.
Existen también verdaderos maestros de la humanidad que se sacrifican enseñando en todos los lugares de la tierra la Doctrina de la Disolución del YO.
මිහිතලයේ සෑම තැනකම 'මම-භාවය දියකර හැරීමේ ධර්මය' (Doctrine of the Dissolution of the 'I') ඉගැන්වීමෙන් ස්වයං පරිත්‍යාගශීලී වන මනුෂ්‍යත්වයේ සැබෑ ශාස්තෘවරුන්ද සිටිති.
Esos maestros saben por experiencia propia que sólo disolviendo el Mefistófeles que llevamos dentro, adviene a nosotros la paz del corazón.
හදවතේ සාමය අප වෙත පැමිණෙන්නේ අප තුළම අප ගෙන යන මෙෆිස්ටෝෆිලීස් (Mephistopheles) දියකර හැරීමෙන් පමණක් බව මෙම ශාස්තෘවරුන් තම අත්දැකීමෙන්ම දනිති.
Mientras existan dentro de cada individuo el odio, la codicia, la envidia, los celos, el espíritu adquisitivo, la ambición, la ira, el orgullo, etc. etc. habrán guerras inevitablemente.
වෛරය, කෑදරකම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, අත්පත් කර ගැනීමේ ආත්මය, අභිලාෂය, කෝපය, උඩඟුකම යනාදිය සෑම පුද්ගලයෙකු තුළම පවතින තාක් කල්, යුද්ධ අනිවාර්යයෙන්ම දිගටම පවතිනු ඇත.
Conocemos a muchas gentes en el mundo que presumen de haber hallado la PAZ.
සාමය සොයාගත් බව පාරම්බාන මිනිසුන් බොහෝ දෙනෙකුව ලෝකයේ අප දනිමු.
Cuando hemos estudiado a fondo a esas personas, hemos podido evidenciar que ni remotamente conocen la PAZ y que solamente se han encerrado dentro de algún hábito solitario y consolador, o dentro de alguna creencia especial, etc., más realmente dichas personas no han experimentado ni remotamente lo que es la verdadera PAZ del corazón tranquilo. Realmente esas pobres gentes sólo Se han fabricado una paz artificiosa que en su ignorancia confunden con la AUTENTICA PAZ DEL CORAZÓN.
අප මෙම පුද්ගලයින් ගැඹුරින් අධ්‍යයනය කළ විට, ඔවුන් සාමය දුරින් හෝ නොදන්නා බව අපට ඔප්පු කිරීමට හැකි වූ අතර ඔවුහු යම්කිසි හුදෙකලා සහ සහනය ගෙනෙන පුරුද්දක් තුළ, හෝ යම්කිසි සුවිශේෂී විශ්වාසයක් යනාදියක කොටු වී සිටිති, ඇත්ත වශයෙන්ම ඊටත් වඩා මෙම පුද්ගලයින් නිහඬ හදවතේ සැබෑ සාමය යනු කුමක්දැයි යන වග මඳක් හෝ අත්දැක නැත. යථාර්ථය නම් මෙම අසරණ මිනිසුන් තමන් වෙනුවෙන්ම කෘතිම සාමයක් පමණක් නිර්මාණය කරගෙන ඇති අතර ඔවුන්ගේ නොදැනුවත්කම නිසා එය "හදවතේ අව්‍යාජ සාමය" යැයි වරදවා වටහා ගෙන සිටීමයි.
Es absurdo buscar la PAZ dentro de los muros equivocados de nuestros prejuicios, creencias, preconceptos, deseos, hábitos, etc.
අපගේ අගතීන්, විශ්වාසයන්, පූර්ව-සංකල්ප, ආශාවන්, පුරුදු යනාදී වැරදි සහගත තාප්ප වලට ඇතුළතින් සාමය සෙවීම විකාරයකි.
Mientras dentro de la Mente existan los factores psicológicos que producen enemistades, disensiones, problemas, guerras, no habrá PAZ verdadera.
සතුරුකම්, අසමගිය, ගැටළු සහ යුද්ධ ඇති කරන මනෝවිද්‍යාත්මක සාධක මනස තුළ පවතින තාක් කල් සැබෑ සාමයක් නොමැත.
La PAZ auténtica viene de la belleza legítima sabiamente comprendida.
සැබෑ සාමය පැමිණෙන්නේ ඥානවන්තව අවබෝධ කරගත් නීත්‍යානුකූල සුන්දරත්වයෙනි.
La belleza del corazón tranquilo exhala el perfume delicioso de la verdadera PAZ interior.
නිහඬ හදවතේ අලංකාරය සැබෑ අභ්‍යන්තර සාමයේ මිහිරි සුවඳ මුදා හරී.
Es urgente comprender la belleza de la amistad y el perfume de la cortesía.
මිත්‍රත්වයේ සුන්දරත්වය සහ විනීතභාවයේ සුවඳ අවබෝධ කරගැනීම හදිසි අවශ්‍යතාවයකි.
Es urgente comprender la belleza del lenguaje. Es necesario que nuestras palabras lleven en sí mismas la sustancia de la sinceridad. No debemos usar jamás palabras arrítmicas, inarmónicas, groseras, absurdas.
භාෂාවේ අලංකාරය අවබෝධ කරගැනීම හදිසි අවශ්‍යතාවයකි. අපගේ වචන අවංකත්වයේ සාරය රැගෙන යාම අත්‍යවශ්‍ය කාරණයකි. රිද්මයක් නැති, සමගාමී නොවන, අශිෂ්ට, විකාර සහගත වචන අප කිසිවිටෙකත් භාවිතා නොකළ යුතුය.
Cada palabra debe ser una verdadera sinfonía, cada frase debe estar llena de belleza espiritual. Es tan malo hablar cuando se debe callar, y callar cuando se debe hablar. Hay silencios delictuosos y hay palabras infames.
සෑම වචනයක්ම සැබෑ සංධ්වනියක් විය යුතු අතර සෑම වාක්‍ය ඛණ්ඩයක්ම අධ්‍යාත්මික අලංකාරයෙන් පිරී තිබිය යුතුය. යමෙකු නිශ්ශබ්දව සිටිය යුතු විට කතා කිරීම මෙන්ම යමෙකු කතා කළ යුතු විට නිශ්ශබ්දව සිටීම ද ඒ හා සමානවම නරක ය. අපරාධමය නිශ්ශබ්දතාවයන් සහ පිළිකුල් සහගත වචන ඇත.
Hay veces que hablar es un delito, hay veces que callar es también otro delito. Uno debe hablar cuando debe hablar y callar cuando debe callar.
කතා කිරීම අපරාධයක් වන අවස්ථා ඇති අතර, නිහඬව සිටීම ද වෙනත් අපරාධයක් වන අවස්ථා ද ඇත. යමෙකු කතා කළ යුතු විට කතා කළ යුතු අතර, නිහඬව සිටිය යුතු විට නිහඬව සිටිය යුතුය.
No juguemos con la palabra porque ésta es de grave responsabilidad.
වචන වලට බැරෑරුම් වගකීමක් ඇති බැවින් අපි ඒ සමඟ සෙල්ලම් නොකරමු.
Toda palabra debe ser sopesada antes de articularse porque cada palabra puede producir en el mundo mucho de útil y mucho de inútil, mucho beneficio o mucho daño.
සෑම වචනයක්ම උච්චාරණය කිරීමට පෙර කිරා මැන බැලිය යුතුය මන්ද සෑම වචනයක් මගින්ම ලෝකයට බොහෝ ප්‍රයෝජනවත් දේ මෙන්ම බොහෝ නිෂ්ඵල දේවල් ද, බොහෝ ප්‍රතිලාභ මෙන්ම විශාල හානියක්ද ඇති කළ හැකි බැවිනි.
Debemos cuidar nuestros gestos, modales, vestuario y actos de toda especie. Que nuestros gestos, que nuestro vestido, modo de sentamos a la mesa, manera de comportarnos al comer, forma de atender a las personas en la sala, en la oficina, en la calle, etc. estén siempre llenos de belleza y armonía.
අපගේ ඉඟියන්, අපගේ හැසිරීම්, අපගේ ඇඳුම් පැළඳුම් සහ සැම වර්ගයකම අපගේ ක්‍රියාවන් ගැන අප සැලකිලිමත් විය යුතුය. අපගේ සහ අපගේ අභිනයන්, ඇඳුම් පැළඳුම්, මේසයේ වාඩි වී සිටින ආකාරය, ආහාර ගැනීමේදී අප හැසිරෙන ආකාරය විසිත්ත කාමරයේදී මෙන්ම, කාර්යාලයේදී සහ වීදියේදී යනාදී ස්ථානයන්හිදී අප මිනිසුන්ට සේවය කරන ආකාරයන් සෑම විටෙකම අලංකාරය සහ සහජීවනයෙන් පරිපූර්ණ වේවා.
Es necesario comprender la belleza de la bondad, sentir la belleza de la buena música, amar la belleza del arte creativo, reafinar nuestra manera de pensar, sentir y obrar.
යහපත්කමේ සුන්දරත්වය අවබෝධ කර ගැනීම, හොඳ සංගීතයේ සුන්දරත්වය දැනීම, නිර්මාණාත්මක කලාවේ අලංකාරයට ආදරය කිරීම, අප සිතන, දැනෙන සහ අප ක්‍රියා කරන ආකාරය පිරිපහදු කිරීම අත්‍යවශ්‍ය වේ.
La suprema belleza sólo puede nacer en nosotros cuando ha muerto el YO en forma radical, total y definitiva.
උත්තරීතර අලංකාරයට අප තුළ උපත ලැබිය හැක්කේ මූලික වශයෙන්ම, සමස්තයක් ලෙස සහ නිරපේක්ෂ ස්වරූපයෙන් "මම" (Ego) මිය ගොස් ඇති විට පමණි.
Nosotros somos feos, horribles, asqueantes mientras tengamos dentro y bien vivo al YO PSICOLOGICO. La belleza en forma íntegra es imposible en nosotros mientras exista el YO PLURALIZADO.
"මනෝවිද්‍යාත්මක මම" අප තුළ ජීවත්ව සිටින තාක් කල් අපි අවලස්සන, භයානක මෙන්ම පිළිකුල් සහගත ය. "බහුවිධ වූ මම" පවතින තාක් කල් එහි සම්පූර්ණ ස්වරූපයේ අලංකාරය අපට කළ නොහැක්කකි.
Si queremos. PAZ autentica debemos reducir al YO a polvareda cósmica. Sólo así habrá en nosotros belleza interior. De esa belleza nacerá en nosotros el encanto del amor y la verdadera PAZ del corazón
අප අව්‍යාජ සාමය අපේක්ෂා කරන්නේ නම්, අප විසින් "මම" යන්න විශ්වීය දූවිලි මට්ටමටත් වඩා කුඩා කළ යුතුය. අප තුළ අභ්‍යන්තර සුන්දරත්වයක් ඇති වන්නේ ඉන් පසුව පමණි. ඒ සුන්දරත්වයෙන් ප්‍රේමයේ ආකර්ෂණයත්, හදවතේ සැබෑ සාමයත් ජනිත වනු ඇත.
La PAZ CREADORA trae orden dentro de uno mismo, elimina la confusión y nos llena de legítima felicidad.
නිර්මාණාත්මක සාමය තම අභ්‍යන්තරයට මනා අනුපිළිවෙලක් ගෙන එයි, ව්‍යාකූලත්වය දුරු කරන අතර නීත්‍යානුකූල සතුටින් අපව පුරවයි.
Es necesario saber que la mente no puede comprender lo que es la verdadera PAZ. Es urgente entender que la paz del corazón tranquilo no llega a nosotros mediante el esfuerzo, o por el hecho de pertenecer a alguna sociedad u organización dedicada a hacer propaganda de PAZ.
සැබෑ සාමය යනු කුමක්දැයි අවබෝධ කර ගැනීමට මනසට හැකියාවක් නොමැති බව දැනගැනීම අත්‍යවශ්‍ය වේ. නිහඬ හදවතේ සාමය කිසියම් වෑයමක් හරහා හෝ, සාමය උදෙසා ප්‍රචාරය කිරීමට කැපවී සිටින කුමන හෝ සමාජයකට හෝ සංවිධානයකට අයත් වීමෙන් හෝ අප වෙත නොපැමිණෙන බව තේරුම් ගැනීම හදිසි සහ අත්‍යාවශ්‍ය කාරණයකි.
La paz auténtica adviene a nosotros en forma totalmente natural y sencilla cuando reconquistamos la inocencia en la mente y en el corazón, cuando nos volvemos como niños delicados y bellos, sensibles a todo lo hermoso como a todo lo feo, a todo lo bueno como a todo lo malo, a todo lo dulce como a todo lo amargo.
අප මනසින් හා හදවතින් යළිත් අහිංසක වූ විට, සෑම මිහිරි දෙයකටම මෙන්ම සෑම තිත්ත දෙයකටද, සෑම යහපත් දෙයකටම මෙන්ම සෑම අයහපත් දෙයකටද, සෑම සුන්දර දෙයකටම මෙන්ම සෑම අවලස්සන දෙයකටද සංවේදී වන සියුම් හා ලස්සන දරුවන් බවට අප පත්වන විට, සැබෑ සාමය සම්පූර්ණයෙන්ම ස්වභාවික හා සරල ආකාරයකින් අප වෙත ගලා එයි.
Es necesario reconquistar la infancia perdida, tanto en la mente como en el corazón.
මනස මෙන්ම හදවත යන දෙකෙහිම අහිමි වී ගියා වූ එම ළමා කාලය නැවත ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
La PAZ es algo inmenso, extenso, infinito, no es algo formado por la mente no puede ser el resultado de un capricho ni el producto de una idea. La paz es una sustancia atómica que está más allá del bien y el mal, una sustancia que está más allá de toda moral, una sustancia que emana de las entrañas mismas del ABSOLUTO.
සාමය යනු දැවැන්ත, අතිවිශාල සහ අනන්ත වූ දෙයක් වන අතර, එය මනස විසින් නිර්මාණය කළ දෙයක් නොවේ, එය යම් කිසි අභිලාෂයක ප්‍රතිඵලයක්ද නොවන අතර එලෙසම එය අදහසක නිපැයුමක්ද විය නොහැක. සාමය යනු හොඳ සහ නරක ඉක්මවා යන පරමාණුක හරයක් වන අතර, ඕනෑම සදාචාර සම්පන්න බවක් ඉක්මවා ගිය ද්‍රව්‍යයක් වන අතරම, එනම් නිරපේක්ෂත්වය (The Absolute) තුළින්ම මතු වන ස්වභාවයකි.
ඔබේ අත්දැකීම වැඩිදියුණු කිරීමට සහ වේදිකාව භාවිතය විශ්ලේෂණය කිරීමට අපි අපගේම සහ තෙවන පාර්ශ්ව කුකී භාවිත කරමු. ඔබට සියල්ල පිළිගැනීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ ඔබේ අභිමතයන් සැකසීමට හැකිය.