Educación Fundamental

La Inteligencia

Hemos podido verificar que muchos maestros y maestras de Historia Universal en el occidente del mundo suelen burlarse del BUDDHA, Confucio, Mahoma, Hermes, Quetzacoal, Moisés, Krishna, etc.

බටහිර ලෝකයේ විශ්ව ඉතිහාසය උගන්වන බොහෝ ගුරුවරුන් බුදුන්, කොන්ෆියුසියස්, මුහම්මද්, හර්මීස්, ක්වෙට්සල්කොට්ල්, මෝසෙස්, ක්‍රිෂ්ණා යනාදීන්ට සාමාන්‍යයෙන් අපහාස කරන බව අපට තහවුරු කළ හැකිය.

Fuera de toda duda también hemos podido comprobar hasta la saciedad, el sarcasmo, la mofa, la ironía lanzada por maestros y maestras contra las religiones antiguas, contra los dioses, contra la mitología, etc. Todo eso es precisamente falta de inteligencia.

ගුරුවරියන් සහ ගුරුවරුන් විසින් පැරණි ආගම්වලට, දෙවිවරුන්ට, මිථ්‍යා කථා යනාදියට එරෙහිව කරන අපහාස, උසුළු විසුළු සහ උපහාසයන් පිළිබඳව කිසිදු සැකයකින් තොරව සනාථ කිරීමට අපි සමත් වී ඇත්තෙමු. මේ සියල්ල හරියටම බුද්ධියේ ඌනතාවයයි.

En las escuelas, colegios y universidades, se debiera tratar sobre los temas religiosos, con más respeto, con alto sentido de veneración, con verdadera inteligencia creadora.

පාසල්, විද්‍යාල සහ විශ්වවිද්‍යාල වල ආගමික මාතෘකා වැඩි ගෞරවයකින්, ඉහළ ගෞරවනීය හැඟීමකින්, සැබෑ නිර්මාණාත්මක බුද්ධියකින් යුතුව සැලකිය යුතුය.

Las formas religiosas conservan los valores eternos y están organizadas de acuerdo con las necesidades psicológicas e históricas de cada pueblo, de cada raza.

ආගමික ස්වරූපයන් සදාකාලික වටිනාකම් සුරකින අතර සෑම ජනතාවකගේම සහ සෑම ජාතියකගේම මනෝවිද්‍යාත්මක හා ඓතිහාසික අවශ්‍යතා අනුව සංවිධානය වේ.

Todas las religiones tienen los mismos principios, los mismos valores eternos y solo se diferencian en la forma.

සියලුම ආගම්වලට එකම මූලධර්ම සහ සමාන සදාකාලික වටිනාකම් ඇති අතර ඒවා වෙනස් වන්නේ ස්වභාවයෙන් පමණි.

No es inteligente que un cristiano se burle de la religión del Buddha o de la religión Hebrea o Hinduista porque todas las religiones descansan sobre los mismos basamentos.

සියලු ආගම් එකම පදනමක් මත පිහිටා ඇති බැවින් බෞද්ධ දර්ශනය හෝ හෙබ්‍රෙව් හෝ හින්දු ආගම හෙළා දැකීම ක්‍රිස්තියානියෙකුට කිසිසේත් බුද්ධිමත් නොවේ.

Las sátiras de muchos intelectuales contra las religiones y sus fundadores se deben al veneno MARXISTA que por estos tiempos está intoxicating a todas las mentes débiles.

ආගම් සහ ඒවායේ නිර්මාතෘවරුන්ට එරෙහිව බොහෝ බුද්ධිමතුන්ගේ උත්ප්‍රාසාත්මක කියමන් මාක්ස්වාදී වස විස නිසා ඇති වූවක් වන අතර එමඟින් මෙම කාලය තුළ සියලු දුර්වල මනස් මත් වී ඇත.

Los maestros y maestras de escuelas, colegios y universidades deben orientar a sus alumnos y alumnas por el camino del verdadero respeto a nuestros semejantes.

පාසල්, විද්‍යාල සහ විශ්වවිද්‍යාලවල ගුරුවරුන් විසින් තම සිසු සිසුවියන් අපගේ සෙසු මනුෂ්‍යයන්ට සැබෑ ගෞරවය දැක්වීමේ මාවතට යොමු කළ යුතුය.

Es a todas luces perverso e indigno el patán que en nombre de una teoría de cualquier tipo, se burle de los templos religiones, sectas, escuelas o sociedades espirituales.

ඕනෑම වර්ගයක න්‍යායක් නාමයෙන් පන්සල්, ආගම්, නිකාය, පාසල් හෝ අධ්‍යාත්මික සමිතිවලට අපහාස කරන ම්ලේච්ඡයා සෑම අතින්ම විකෘති වූ හා නුසුදුසු අයෙකි.

Al abandonar las aulas de estudio los estudiantes tienen que habérselas con gentes de todas las religiones, escuelas, sectas y no es inteligente el que ni siquiera sepan guardar la debida compostura en un templo.

පන්ති කාමරවලින් ඉවත් වූ පසු සිසුන්ට සෑම ආගමකම, පාසලකම හා නිකායකම පුද්ගලයින් සමඟ කටයුතු කිරීමට සිදුවන අතර පන්සලක හෝ දේවාලයක නිසි සංවරය පවත්වා ගන්නේ කෙසේදැයි නොදන්නා අයට බුද්ධියක් නොමැත.

Al abandonar las aulas después de diez o quince años de estudios, los jóvenes y señoritas se encuentran tan lerdos y dormidos como los demás seres humanos, tan llenos de vacuidad y faltos de inteligencia como el primer día que ingresaron a la escuela.

වසර දහයක හෝ පහළොවක අධ්‍යයනයෙන් පසු පන්ති කාමර අත්හැර යන විට තරුණ ගැහැණු හා පිරිමි දරුවන්ට අනෙක් මිනිසුන් මෙන් අලස හා නිදිමත ස්වභාවයක් දැනේ; පාසලට ඇතුළු වූ පළමු දිනයේ දී මෙන් හිස් බවකින් සහ බුද්ධියේ ඌනතාවයකින් පිරී සිටිති.

Es urgente que los estudiantes entre otras cosas desarrollen el centro emocional porque todo no es intelecto. Se hace necesario aprender a sentir las íntimas armonías de la vida, la belleza del árbol solitario, el canto del pajarillo en el bosque, la sinfonía de música y colores de un bello ocaso.

සියල්ල බුද්ධිය මත පමණක් රඳා නොපවතින බැවින් සිසුන් වෙනත් දේ අතර චිත්තවේගීය මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම හදිසි අවශ්‍යතාවයකි. ජීවිතයේ සමීප හා සුසංයෝගි බව, හුදෙකලා ගසක සුන්දරත්වය, වනාන්තරයේ කුඩා කුරුල්ලෙකුගේ නාදය, සුන්දර හිරු බැස යාමක සංගීතය හා වර්ණ රටා දැනීමට ඉගෙනීම අවශ්‍ය වේ.

Es también necesario sentir y comprender profundamente todos los horribles contrastes de la vida, como son el orden social cruel y despiadado de ésta época en que vivimos, las calles llenas de madres infelices que con sus hijos desnutridos y hambrientos mendigan un pedazo de pan, los feos edificios donde viven millares de familias pobres, las carreteras repugnantes por donde circulan millares de carros propulsados con esos combustibles que dañan los organismos, etc.

අප ජීවත් වන මේ යුගයේ කුරිරු සහ නිර්දය සමාජ ක්‍රමය, මන්දපෝෂණයෙන් පෙළෙන සහ කුසගින්නේ සිටින තම දරුවන් සමඟ පාන් කෑල්ලක් ඉල්ලා හිඟාකන අවාසනාවන්ත මව්වරුන්ගෙන් පිරුණු වීදි, දුප්පත් පවුල් දහස් ගණනක් ජීවත් වන කැත ගොඩනැගිලි හා ක්ෂුද්‍ර ජීවීන්ට හානි කරන ඉන්ධන වලින් ධාවනය වන දහස් ගණනක් මෝටර් රථ ධාවනය වන පිළිකුල් සහගත මාර්ග යනාදී ජීවිතයේ සියලුම බිහිසුණු ප්‍රතිවිරෝධතා ගැඹුරින් දැනීම සහ අවබෝධ කර ගැනීම ද අවශ්‍ය වේ.

El estudiante que abandona las aulas tiene que enfrentarse no solamente con su propio egoísmo y con sus propios problemas, sino también con el egoísmo de todas las gentes y con los múltiples problemas de la sociedad humana.

පන්ති කාමර මඟහරින සිසුවාට ඔහුගේම ආත්මාර්ථකාමීත්වයට සහ ඔහුගේම ගැටලුවලට පමණක් නොව සියලු ජනයාගේ ආත්මාර්ථකාමීත්වයට සහ මානව සමාජයේ විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වේ.

Lo más grave de todo es que el estudiante que abandona las aulas, aún teniendo preparación intelectual, no tiene inteligencia, su conciencia está dormida, está deficientemente preparado para la lucha con la vida.

මේ සියල්ලටම වඩා බරපතලම දෙය නම් බුද්ධිමය සූදානමක් තිබුණද පන්ති කාමර අත්හරින ශිෂ්‍යයාට බුද්ධියක් නොමැති වීම, ඔහුගේ හෘදය සාක්ෂිය නිද්‍රාශීලී වීම හා ජීවිතය සමඟ කරන අරගලයට ඔහු ප්‍රමාණවත් ලෙස සූදානම් නොවීමයි.

Ha llegado la hora de investigar y descubrir que es eso que se llama INTELIGENCIA. El diccionario, la enciclopedia, resultan impotentes para definir seriamente la INTELIGENCIA,

බුද්ධිය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද යන්න සොයා බැලීමට සහ සොයා ගැනීමට කාලය පැමිණ තිබේ. ශබ්දකෝෂ, විශ්වකෝෂ, බුද්ධිය බැරෑරුම් ලෙස අර්ථ දැක්වීමට බල රහිත බව ඔප්පු වී ඇත.

Sin inteligencia jamás puede haber transformación radical ni felicidad verdadera y es muy raro en la vida encontrar personas verdaderamente inteligentes.

බුද්ධිය නොමැතිව කිසිදා රැඩිකල් පරිවර්තනයක් හෝ සැබෑ සතුටක් ඇති විය නොහැකි අතර ජීවිතයේ සැබෑ බුද්ධිමත් මිනිසුන් සොයා ගැනීම ඉතා දුර්ලභය.

Lo importante en la vida no es solamente conocer la palabra INTELIGENCIA, sino experimentar en nosotros mismos su honda significación.

ජීවිතයේ වැදගත් දෙය නම් බුද්ධිය යන වචනය දැනගැනීම පමණක් නොව එහි ගැඹුරු අරුත අප තුළම අත්විඳීමයි.

Muchos son los que presumen de inteligentes, no hay borracho que no presuma de inteligente y Carlos Marx creyéndose a sí mismo demasiado inteligente, escribió su farsa materialista que ha costado al mundo la pérdida de los valores eternos, el fusilamiento de millares de sacerdotes de distintas religiones, la violación de monjas, Budistas, Cristianas, etc., la destrucción de muchos templos, la tortura de millares y millones de personas, etc etc. etc.

බුද්ධිමත් යැයි උදම් අනන අය බොහෝ ය, බුද්ධිමත් යැයි නොසිතන බේබද්දෙක් නැත. කාල් මාක්ස් තමා ඕනෑවට වඩා බුද්ධිමත් යැයි විශ්වාස කරමින් ඔහුගේ භෞතිකවාදී කෘතිය ලිව්වේ ලෝකයට සදාකාලික වටිනාකම් අහිමි කිරීම, විවිධ ආගම්වලට අයත් පූජකවරුන් දහස් ගණනක් ඝාතනය කිරීම, බෞද්ධ, ක්‍රිස්තියානි කන්‍යා සොහොයුරියන් ස්ත්‍රී දූෂණයට ලක් කිරීම යනාදිය, බොහෝ විහාරස්ථාන විනාශ කිරීම සහ දහස් ගණනක් මිනිසුන්ට වධ හිංසා කිරීම යනාදී සියලු දේවල මිල ගෙවමිනි.

Cualquiera puede presumir de inteligente, lo difícil es serlo verdaderamente.

ඕනෑම කෙනෙකුට තමා බුද්ධිමත් යැයි අනුමාන කළ හැකිය, අසීරු දැය නම් ඇත්ත වශයෙන්ම එසේ වීමය.

No es adquiriendo más información libresca, más conocimientos, más experiencias, más cosas para deslumbrar a las gentes, más dinero para comprar jueces y policías; etc. como sé va a lograr eso que se llama INTELIGENCIA.

බුද්ධිය යනුවෙන් හඳුන්වනු ලබන දේ සාක්ෂාත් කර ගැනීමට යන්නේ පොත්පත් වලින් වැඩි තොරතුරු ලබාගැනීමෙන්, වැඩි දැනුමකින්, වැඩි අත්දැකීම් වලින්, මිනිසුන් විශ්මයට පත් කිරීමට වැඩි දෙයක් කිරීමෙන්, විනිසුරුවන් සහ පොලිස් නිලධාරීන් මිලදී ගැනීමට වැඩි මුදලක් ලබා ගැනීමෙන් නොවේ.

No es con ese MAS, como se puede llegar a tener INTELIGENCIA. Se equivocan de plano aquellos qué suponen que la inteligencia puede ser conquistada con el proceso del MAS.

ඒ 'තව තවත්' දේ සමඟින් කෙනෙකුට බුද්ධිය ලැබිය නොහැක. මෙම 'තව තවත්' නම් වූ ක්‍රියාවලිය මගින් බුද්ධිය ජයගත හැකිය යැයි උපකල්පනය කරන අය සම්පූර්ණයෙන්ම වැරදිය.

Es urgente comprender a fondo y en todos los terrenos de la mente subconsciente e inconsciente, lo que es ese pernicioso proceso del MAS, porque en el fondo se oculta muy secretamente el querido EGO, el YO, el MI MISMO, que desea y quiere siempre MAS y MAS para engordar y robustecerse.

අපගේ පතුලේ ඉතා රහසිගතව සැඟවී ඇති ආදරණීය 'මම', තමන්ව මහත් කිරීමට හා ශක්තිමත් වීමට සෑම විටම 'තව තවත්' දේ අරමුණු කරන හෙයින් මෙම අහිතකර 'තව තවත්' නම් ක්‍රියාවලිය කුමක්දැයි උපවිඤ්ඤාණය හා අවිඥානික මනසෙහි සෑම අංශයකින්ම ගැඹුරින් තේරුම් ගැනීම හදිසි කාරණයකි.

Este Mefistófeles que llevamos dentro, este SATÁN, este YO, dice: YO tengo MAS dinero, más belleza, más inteligencia que aquel, más prestigio, más astucia, etc. etc. etc.

අප අප තුළ ගෙන යන මෙම මෙෆිස්ටෝෆිලිස්, මෙම සාතන්, මෙම 'මම' මෙසේ පවසයි: අර පුද්ගලයාට වඩා මට 'තව තවත්' මුදල් ඇත, වඩා ලස්සනය, වඩාත් බුද්ධිමත්ය, වඩා ගෞරවනීයය, වඩාත් කපටිය, යනාදී වශයෙනි.

Quien quiera de verdad comprender lo que es la INTELIGENCIA, debe aprender a sentirla, debe vivenciarla y experimentarla a través de la meditación profunda.

ඇත්තටම බුද්ධිය කියන්නේ කුමක්ද කියා තේරුම් ගන්නට අදහස් කරන කෙනෙක් ඒ ගැන දැනෙන්නට හා ජීවත් වීමට ඉගෙන ගත යුතු අතර ගැඹුරු භාවනාව තුළින් එය අත්දැකිය යුතුය.

Todo lo que las gentes acumulan entre el sepulcro podrido de la memoria infiel, información intelectual, experiencias de la vida, se traduce siempre fatalmente en el terminó de MAS y MAS. De manera que nunca llegan a conocer el hondo significado de todo eso que acumulan.

අවිශ්වාසවන්ත මතකයන්, බුද්ධිමය තොරතුරු,ජීවිතයේ අත්දැකීම් ආදී කුණු වූ සොහොන් ගෙයක් අතර මිනිසුන් එකතු කරන සෑම දෙයක්ම සැමවිටම ඒකාන්තයෙන්ම තව තවත් දේ වෙතම පරිවර්තනය වේ. එබැවින් ඔවුන් රැස් කරන සෑම දෙයකම ගැඹුරු අරුත කිසිදා දැනගත නොහැක.

Muchos se leen un libro y luego lo depositan entre la memoria satisfechos por haber acumulado más información, pero cuando se le llama a responder por la doctrina escrita en el libro que leyeron, resulta que desconocen la profunda significación de la enseñanza, pero el YO quiere más y mas información, mas y más libros aún cuándo no haya vivenciado la doctrina de ninguno de ellos.

බොහෝ දෙනෙක් පොතක් කියවා වැඩිපුර තොරතුරු රැස් කර ගැනීමෙන් සෑහීමකට පත්වී එය මතකයේ තැන්පත් කරති, නමුත් ඔවුන් කියවූ පොතේ ලියා ඇති ධර්මය සඳහා පිළිතුරු දීමට කැඳවූ විට, ඔවුන් ඉගැන්වීමේ ගැඹුරු අරුත නොදන්නා බව පෙනේ. එහෙත් කිසිදු ධර්මයක් අත්දැක නැති වුවද 'මම' හට තව තවත් තොරතුරු හා තව තවත් පොත් අවශ්‍ය වේ.

La inteligencia no se consigue con más información libresca, ni con más experiencia, ni con más dinero, ni con más prestigio, la inteligencia puede florecer en nosotros cuando comprendemos todo el proceso del YO, cuando entendemos a fondo todo ese automatismo psicológico del MAS.

බුද්ධිය ලබා ගන්නේ පොත්පත් වලින් ලබාගන්නා තොරතුරු වලින්වත්, වැඩි අත්දැකීම් වලින්වත්, වැඩි මුදල් වලින්වත්, වැඩි කීර්තියකින්වත් නොවේ. අප තුළ බුද්ධිය වර්ධනය විය හැක්කේ අප මෙම 'මම' නම් සමස්ත ක්‍රියාවලිය හා 'තව තවත්' දේ නම් මානසික ස්වයංක්‍රීයතාවය ගැඹුරින් අවබෝධ කරගත් විටදීය.

Es indispensable comprender que la mente es el centro básico del MAS. Realmente ese MAS es el mismo YO psicológico que exige y la mente es su núcleo fundamental.

මනස යනු 'තව තවත්' දෙයෙහි මූලික කේන්ද්‍රස්ථානය බව තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. සැබවින්ම එම 'තව තවත් දේ' යනු ඉල්ලා සිටින මනෝවිද්‍යාත්මක 'මම' වන අතර මනස එහි මූලික හරය වේ.

Quien quiera ser inteligente de verdad, debe resolverse a morir no solamente en el nivel intelectual superficial, sino también en todos los terrenos subconscientes e inconscientes de la mente.

සැබවින්ම බුද්ධිමතෙකු වීමට කැමති ඕනෑම අයෙකු මතුපිටින් පෙනෙන බුද්ධිමය මට්ටමින් පමණක් නොව මනසෙහි සියලුම උපවිඥාන සහ යටි සිතෙහි තලයන්ගෙන්ද මිය යාමට අධිෂ්ඨාන කර ගත යුතුය.

Cuando el YO muere, cuando el Y0 se disuelve totalmente lo único que queda dentro de nosotros es el SER auténtico, el SER verdadero, la legítima inteligencia tan codiciada y tan difícil

'මම' මිය යන විට, 'මම' සම්පූර්ණයෙන්ම දිය වී ගිය විට, අප තුළ ඉතිරි වන එකම දෙය නම් සත්‍ය වූ පැවැත්මයි, සැබෑ පැවැත්මයි, එතරම් ප්‍රාර්ථනා කරන ලද සහ එතරම් දුෂ්කර වූ නීත්‍යානුකූල බුද්ධියයි.

Las gentes creen que la mente es creadora, están equivocadas. El YO no es creador y la mente es el núcleo básico del YO.

මනස නිර්මාණශීලී යැයි මිනිසුන් විශ්වාස කළද ඔවුන් වැරදිය. 'මම' නිර්මාණාත්මක නොවන අතර මනස යනු 'මම' හි මූලික හරයයි.

La inteligencia es creadora porque ella es del SER, es un atributo del SER. No debemos confundir a la mente con la INTELIGENCIA.

බුද්ධිය එය 'පැවැත්මේ' ගුණාංගයක් වන බැවින් එය නිර්මාණාත්මක වේ. අප යම්විටකදිවත් මනස, බුද්ධිය සමඟ පටලවා නොගත යුතුය.

Están equivocados de PLANO y en forma radical quienes suponen que la INTELIGENCIA es algo que puede ser cultivado como flor de invernadero O algo que se pueda comprar como se compran los títulos de nobleza o poseyendo una formidable biblioteca.

බුද්ධිය යනු හරිතාගාර මලක් මෙන් වගා කළ හැකි දෙයක් යැයි හෝ වංශවත්කමේ මාතෘකා මිලදී ගන්නාක් මෙන් හෝ දැවැන්ත පුස්තකාලයක් හිමිකර ගැනීමෙන් මිලදී ගත හැකි දෙයක් යැයි හෝ උපකල්පනය කරන අය, එය ඔවුන්ගේ මුළුමනින්ම සහ රැඩිකල් වැරදීමකි.

Es necesario comprender profundamente todos los procesos de la mente, todas las reacciones, ese MAS psicológico que acumula, etc. Sólo así brota en nosotros en forma natural y espontánea la llamarada ardiente de la INTELIGENCIA.

මනසෙහි සියලුම ක්‍රියාවලීන්, සියලු ප්‍රතික්‍රියා, එකතු වන එම මනෝවිද්‍යාත්මක ‘තව තවත් දේ’ යනාදිය ගැඹුරින් අවබෝධ කර ගැනීම අවශ්‍ය වේ. මේ ආකාරයෙන් පමණක් බුද්ධියේ දැවෙන ගිනිදැල් ස්වාභාවිකව හා ස්වයංසිද්ධව අප තුළ පැන නගී.

Conforme el Mefistófeles que llevamos dentro se va disolviendo, el fuego de la inteligencia creadora se va manifestando poco a poco dentro de nosotros, hasta resplandecer abrasadoramente.

අප තුළ ගෙන යන මෙෆිස්ටෝෆිලිස් දිය වී යත්ම, නිර්මාණාත්මක බුද්ධියේ ගින්න ඒ දැල්වී බැබළෙන තෙක් ටිකෙන් ටික අප තුළ මතුවන්නට පටන්ගනී.

Nuestro verdadero SER es el AMOR y de ese AMOR nace la auténtica y legítima INTELIGENCIA que no es del tiempo.

අපගේ සැබෑ පැවැත්ම ආදරය වන අතර එම ආදරයෙන් කාලයෙන් පරිබාහිරව පවතින අව්‍යාජ හා නීත්‍යානුකූල බුද්ධිය උපත ලබයි.

කුකී භාවිතය

ඔබේ අත්දැකීම වැඩිදියුණු කිරීමට සහ වේදිකාව භාවිතය විශ්ලේෂණය කිරීමට අපි අපගේම සහ තෙවන පාර්ශ්ව කුකී භාවිත කරමු. ඔබට සියල්ල පිළිගැනීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ ඔබේ අභිමතයන් සැකසීමට හැකිය.